****මුසලඩි වන්නම****
****මුසලඩි වන්නම****
තාලය - මැදුම් මහ දෙතිත (මාත්රා 3+4) මැදුම් තනි තිත (මාත්රා 3+3)
බෙර පදය - දෝං ජිං ජිං තකට දොං තක ජිං ගත ගො ගො
තානම -
තානාත්ත තනෙනත්ත තානම්-තම්ද නානත්ත තනෙනත්ත තානම් තනත් තනෙන තතන තනෙන තානෙන තම් දාන තනෙන තානාත්ත තනෙනත්ත තානම්-තම්ද නානත්ත තනෙනත්ත තානම්
කවිය - වන පැත්ත බිය පත්ව සයනම් // දුටත් යනෙන විටත් දුවන පිටත් පොට ගසා පනිමින // නැත නාඩි ඉඳ නාඩි වෙව්ලුම්
නොනැවත යනු නැත එතනින් // හිරුත් අවර ගිරත් පැමිණි කලත් වසන තැනින් දුවන // පැන ආඩි පත්රාසි බුදිමින්
සිරි ගත්ත සඳු පත්ව මුදුනෙන් // විටත් ඔවුන තුටත් සිතින මහත් සමඟියෙන් දුව පැන // උණු දැඩි වන වාඩී ලන්නම්
මේ ඇත්තමයි සත්ත කියනෙම් // ගමනක් යන විලසක් ගෙන ඉසිදුන් දෙවි කළ සතොසින // කරදැඩි මුසලඩි වන්නම්
කස්තිරම -
සීරුමාරුව - තකුද තකු තක තකට කුංදත් තත්ග ජිත්තක තකට කුංදත් තකුද තකු තක තකට කුංදත් දෝං තා
අඩව්ව -
තාකු තක්කුං තරිකිට තකුද තජ්ජිං තජ්ජිං - තජ්ජෙං // ජිකු ජික්කුං තරිකිට ජිකුද ත්ජ්ජිං තජ්ජිං - තජ්ජෙං // තාකු තක්කුං තරිකිට තකුද තජ්ජෙං ජීකු ජික්කුං තරිකිට ජිකුද ත්ජ්ජෙං තාකු තක්කුං තරිකිට ජීකු ජික්කුං තරිකිට තකුද තජ්ජෙං තජ්ජෙං තජ්ජෙං තජ්ජෙං ජෙංතා ජෙතා ජෙංත කුද ජෙංත තා
Comments
Post a Comment