****හනුමා වන්නම****
****හනුමා වන්නම****
බෙර පදය - දොමි කිත කිත දොමි
තානම -
තානම් දනත් තම් දනත් තනම් දන
තානම් දනත් තනෙ නා තෙයි
තානම් දනත් තම් දනත් තනම් දන
තානම් දනත් තනෙ නා
කවිය -
ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා පුබු
දමින් අරුණ කළ මා - ගොර
දෙමින් නැවත වට පිටින් බලති නෙක
උසුළු විසුළු පුදු මා
එයින් නැවත පලතුරින් තුරට පැන
මලින් පලද දළු මා - අත
දෙමින් රැගෙන කට කොනින් බුදිති
වට පිටින් බියති බැලු මා
දුටින් අයෙක් සට පටින් පැනුම් රැලි
පොටින් නෙරා සෙව් මා - භය
දුටින් එවිට අතු පතින් වසා මුව
ඉතින් නැතැයි පෙනු මා
මතින් උඩගු සිත් ගතින් වැඩිව පෙර
පැතුම් විලස දැරු මා - නැණ
යෙනින් මෙලෙස ඉසිමතින් යෙදුව
පෙර මෙවන් වරුණ හනු මා
කස්තිරම -
රුංතක ජිංතක තරිකිට කුංදත් ///
තා ගජින්තක තරිකිට කුංදත් //
රුංතක ජිං ජිං //
රුංතක ජිංතක තරිකිට කුද කුද
තා ගජින්තක තරිකිට කුංදත්
රුංතක ජිංතක තරිකිට කුංදත් තා
සීරුමාරුව -
තකුතක ජිජි කුද ගජිත ගජිත කුද
ගජිගත දොද් දොං තා දොද් දොං තා
කුජිත්ත ගත දොමිකිට
තරිකිට කුංදත් තා
අඩව්ව -
තාම් දොමිති ගත දොමිකිට
කඩතක තරිකිට කිත්තක දොමිති ගත
කිත්තත් කුද කුද තා කුජිත්ත ගත
දොමිකිට තරිකිට කුංදත් තා
Comments
Post a Comment