****තුරඟා වන්නම****

 ****තුරඟා වන්නම****


තාලය - සුළු මැදුම් දෙතිත ( 2+3 )


බෙර පදය - දොං ජිංත ගත දොංත


තානම - තත් තත් තනත් තනෙන

              තත් තත් තනත් තනෙන

              තත් තත් තනත් තම්ද නා නා   

              තන තනෙන තන තනෙන           

              තතන තම් දන තනෙන  

              තානත් තනත් තම්ද නා නා


කවිය  - සත් වෙත් මහත් අදර 

               ලත් යුත් සිදත් කුමරු 

               ගත් සිත් තොසත් පැවිදි අංගා

               අණ කරන ඡන්නයෙන 

               කන්තකය අසුගෙ පිට 

               ගෙන එදින අසුගෙ පිට නැංගා


               ගත් ගත් පයත් අසුගෙ 

               ශබ්දත් වසත් සුරිඳු

               යන්නෙන් තොසින් තිදෙන සමගා

               යන යනෙන කල තිදෙන 

               එතැන තැන පසුව දැන 

               ගංතෙරට පත් වුණිය එමගා


               ලත් ලත් සිතත් තිදෙන 

               වෙත් වෙත් එකත් පසුව

               මුත් කන්තකත් වේය තුරගා

               සිදුහතුන් ගෙන වහන 

               ඡන්න වලිගය අතින

               පැන්නෙන් එතෙර අනොම ගංගා


               ගොත් සිත් මහත් රුසිරු 

               ලත් යුත් සිදත් කුමරු

               ගෙන් සිත් රැගත් නෙර්ත අංගා

               තිදෙන පැන ගිය ගඟින

               එතෙද අණ ගෙන බැතින 

               යෙදුව නැණ වර්ණයෙන තුරඟා


කස්තිරම  -  රුඳ ගජිත /// රුඳ තා

                      රුඳ ගජිත /// රුඳ තා

                      රුඳ ගජිත් රුඳ තා //

                      රුඳ තා රුඳ තා // 

                      රුඳ ගජිත /// රුඳ තා 


සීරුමාරුව - කුද ගජිත ගත් දොංත 

                        ගජ්ජිං ගජිං ජිකුද 

                        කුද ගජිත ගත දොංත දොං තා


අඩව්ව - තත් තකට තක රොං 

                 තක්කඩ තක්කඩ කුද තක රොං

                 තක රොං ගජිං ජිකුද කිටි තකට 

                 කුංදත් ජික රොං

Comments

Post a Comment

Popular posts from this blog

****හනුමා වන්නම****

****මුසලඩි වන්නම****