****සැවුලා වන්නම****
****සැවුලා වන්නම****
මෙයට ප්‍රස්තුත වී ඇත්තේ ස්කන්ධපුරාණය නැමැති ඉන්දියානු ග්‍රන්ථයේ දැක්වෙන කතා පුවතකි. මින් කියවෙන්නේ සැවුලාගේ උපත් කතාවයි. සුර අසුර යුද්ධයේදී කඳ කුමරුන් අසුර සෙන්පතියෙකු කඩුවෙන් ගසා දෙපලු කළ බවත් ඉන් පලුවකින් සැවුලා උපන් බවත් මෙකී වන්නම් ගායනයෙන් විස්තර කෙරේ.
තාලය - සුළු මහ දෙතිත(මාත්‍රා 2+4)
බෙර පදය - දොං දොං ජිං ජිං ගජිගත
තානම - තම් තම්දන තානාම්
දන තම්දන තානාම්
තම් තම්දන තානා තෙයි තම්ද
නා තම්ද නා නා
කවිය -
සුරිඳුන් පෙර සිටන්
බලයුත් සැවතිදුන්
සහ ගොස් කල යුදෙන්
අසූ රන්ජය නොලදින්
බර අත් ගෙන කගින්
ඇන කොන් තවි වලින්
අසුරන් කළ යුධෙන්
ජය ගෙන කඳ කුමරුන්
ගසමින් කග පලින්
දෙපළුව අසුර සෙන්
දැරුපා අතළුවෙන්
පළු දෙක ගෙන සැනෙකින්
එම වම් පලුවකින්
එඋපන් සැනයකින්
සැවුලා නම එයින්
ලොව පළ කල උපතින්
කස්තිරම - කුද ගජිගත ///කුද තා
කුද ගජිගත ///කුද තා
කුද ගජිගත කුද තා //
කුද තා//
කුද ගජිගත /// කුද තා
සීරුමාරුව -
තකුතක තරිකිට කුංදත්
ගජ් ජිත්තක ජිත් කුංදත්
තකු තක තරිකිට කුංදත් දොං තා
අඩව්ව -
ජෙං තත් තත් ///ජෙං තා
ජෙනු තත් තත් ///ජෙනු තා
ජෙං තත් තත් ජෙං තා
ජෙනු තත් තත් ජෙනු තා
ජෙං තා
ජෙනු තා
දොහකඩ තා
දොහකඩ ගත කුද දොහකඩ තා
ගජ් ජිත්තක ජිත් කුංදත්
තකු තක තරිකිට කුංදත් දොං තා
අඩව්ව -
ජෙං තත් තත් ///ජෙං තා
ජෙනු තත් තත් ///ජෙනු තා
ජෙං තත් තත් ජෙං තා
ජෙනු තත් තත් ජෙනු තා
ජෙං තා
ජෙනු තා
දොහකඩ තා
දොහකඩ ගත කුද දොහකඩ තා
Comments
Post a Comment