****සුරපති වන්නම****
****සුරපති වන්නම****
තාලය - මැදුම් මහ දෙතිත (මත්‍රා 3+4)
බෙර පදය - දොං ජිං ජිං තකට දොං තක
තානම - තනා නත්තම් දන තනම් දන තම්දනත් තම් දාන තනතම් // දන තම්ද නා නා //
කවිය -
ශ්‍රියා මත්පති උමඟනා දෙව් නැතිව තිව විලි ශෝකයෙන් ඉසිරිඳු // ද්වේශ වෙළා ගති //
ගියා කොතැන ද නැතිව දැනුමක් සෙව්ව කල ලැබුණා එදෙව්දූ // තෝස මනා රුති //
කියා රඟ නද තාලයෙන් වර්- ණයක් ගෙනහැර පෑව එසුරිඳු // කේස සරඹ නිති //
නයා කර වට දරන සුරිඳුගෙ වර්ණයක් ගෙන පෑව පරසිදූ // වන්නම සුරපති //
කස්තිරම -
රුඳග ජිත්තක තකට කුංදත්
තග්ග ජිත්තක තකට කුංදත්
රුඳග ජිං ජිං රුඳග ජිං ජිං
රුඳග ජිත්තක තකට කුඳ කුඳ
තග්ග ජිත්තක තකට කුංදත්
රුඳග ජිත්තක තකට කුංදත් දෝං තා
සීරුමාරුව -
තකුඳ තකු තක තකට කුංදත්
තත් ගජිත්තක තකට කුංදත්
තකුද තකු තක තකට කුංදත් දොං තා
අඩව්ව -
තත්ත තරිතරි තතරි තරිතරි
රුඳග ජිමි ජිමි තිතිත් තෙයි //
තතත් ජිත් ජිත් තොතොං නං නං
රුඳග ජිමිජිමි තිතිත් තෙයි
Comments
Post a Comment